උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටසේ වැඩ නිම කිරීමෙන් පසුව එය නිළ වශයෙන් විවෘත කිරීම අද සිදු කෙරුණා.

මේ සදහා Class M11 එන්ජිමකින් ධාවනය කෙරුණු දුම්රිය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.50 ට යාපනය බලා ගමන් ආරම්භ කළා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් එම සංචාරයට එක්විය.

අනුරාධපුරයෙන් ඕමන්ත බලා ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව සදහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි ඇමතිවරයා විසින් දුර්ලභ “පඬු කරඳ” ශාකයක් රෝපණය කිරිමද සිදුවිය.

පසුගිය ජනවාරි 5 වැනිදා ආරම්භ කළ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඉන්දීය ණය ආධාර යටතේ ක්‍රියාත්මකයි. අදියර දෙකකින් යුත් එහි පළමු අදියරේදී අනුරාපුරයේ සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණය කෙරුණු අතර, මහව සිට අනුරාධපුරය දක්වා දෙවැනි අදියරේ ප්‍රතිසංස්කරණ ලබන වසර මුලදී ආරම්භ කිරීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *