Post Views: 723 දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල හිඟය හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව ඇති බව දුම්රිය බලධාරීන් පවසයි.දෛනිකව දුම්රිය ධාවනය සඳහා එන්ජින් 74 ක් හා බලවේග කට්ටල 193 ක් අවශ්‍ය වුවත්, මේ වනවිට ධාවනයට ගත හැකි මට්ටමේ ඇත්තේ දුම්රිය එන්ජින් 58 ක් හා බලවේග කට්ටල 162 ක් පමණක් බව ද බලධාරීන් ප්‍රකාශ කළහ. අලුත්වැඩියා කිරීමට ඇති දුම්රිය එන්ජින් සංඛ්‍යාව 15 ක් වන අතර, බලවේග කට්ටල 31 ක් ද අලුත්වැඩියා කිරීම සඳහා ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය බලධාරීන් පැවසීය. දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සදහන් කරන්නේ එන්ජින් හා බලවේග කට්ටල අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් මේ වනවිට ආනයනය කරමින් පවතින බවයි. ඒ අනුව ඉදිරියේදී මේ තත්වය නිරාකරනය කරගත හැකිවනු ඇතැයි ද ඒ මහතා පැවසීය. Post navigation ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ කාල සටහන් විස්තර අන්තර්ජාලයට එක් කෙරේ. ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරිම හා අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය