ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් දුර සේවා බස් රථ කාලසටහන් අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

මෙමගින් මගීන් හට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම මගින් මෙම සේවාව ලබාගත හැක. එමගින් මගී ජනතාවට තමන්ගේ ගමන් අවශ්‍යතාවයන් කල් ඇතිව වඩාත් පහසු ආකාරයට සැලසුම් කර ගැනීමේ පහසුකම හිමි වේ.
එලෙසම මෙම 1315.lk වෙබ් අඩවියට හා 1315.lk ජංගම යෙදුමට පිවිසීමෙන් තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කර ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස් රථ ගමනාන්ත සඳහා මගී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා ලැබේ. sltb.eseat.lk හෝ 1315.lk යනු තත්‍ය කාල (real time) මගී ආසන වෙන් කිරීම සහ මගී ප්‍රවාහන තොරතුරු ලබා ගැනීම ඇතුළු සියලු පහසුකම් එකම තැනකින් ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවියයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *