Post Views: 300 මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට, ආබාධිත රණවිරුවන් හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් සහන මිලක් යටතේ INSEE සිමෙන්ති ලබා ගැනීම සදහා රණවිරු සේවා අධිකාරිය හා INSEE සමාගම විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා ඇතුළු එම සමාගමේ නියෝජිතයන් විසින් සංකේතාත්මකව එයට අදාල කූපන් පත් ප්‍රමාණය රණවිරු සේවා අධිකාරියේ විරුසරු කාඩ්පත් අංශ ප්‍රධානී ලුතිතන් කමාන්ඩර් ලංකා අමරපාල වෙත ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. එහීදී මුල් පියවර වශයෙන් INSEE සංස්ථා සිමෙන්ති බෑග් 300 බැඟින් වූ උපරිමයකට යටත්ව දිවයින පුරා විහිදී සිටින රණවිරු පවුල් වෙනුවෙන් සහන මිලට කූපන්පත් මත සිමෙන්ති ලබා දීම සිදුකරයි. මෙම පහසුකම යටතේ සිමෙන්ති ලබාගැනීමට අවශ්‍ය අයවළුන් හට රණවිරු සේවා අධිකාරියේ ලුතිනන් කොමාන්ඩර් ලංකා අබේසේකර මහතා 0772996980 අමතා තම අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කළ හැකි බව රණවිරු සේවා අධිකාරිය සදහන් කරයි. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), නන්දන අමුණුතුඩුව මහතා අධ්‍යක්ෂ වාණිජ, චන්දන නානායක්කාර මහතා ප්‍රධානී බාහිර සම්බන්ධතා හා ව්‍යාපාර සංවර්ධන, ගයනි පෙරේරා මහත්මිය ප්‍රධානී අලෙවිකරණ, කෝලිත හර්ෂණ මහතා විධායක ව්‍යාපාර සංවර්ධන සහ සත්‍යා ප්‍රේමරත්න සහකාර සන්නාම කළමණාකාර ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. Post navigation ආයුර්වේද පනත සංශෝධනය සදහා කෙටුම්පතක් ඉදිරිපත් කෙරේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ කාල සටහන් විස්තර අන්තර්ජාලයට එක් කෙරේ.