ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සමුළුව ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි.
ඊයේ සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර මෙම සමුළුව සංගමයේ 67 වැනි වාර්ෂික සමුළුව වේ. ශ්‍රී ලංකාවේ මෙම සමුළුව පවත්වන්නේ වසර 18 කට පසුවයි.

ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අස්ථාවර බව නිසා එය කල් දැමීමට සිදුවිය. කළාපයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව මෙවර සමුළුවේදී අවධානය යොමු කෙරේ.

සමුළුවේ සමාරම්භක අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගී විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක මෙහෙයුම් සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමුළුව සදහා අනුග්‍රහය දක්වයි.

The 67th Conference of TAAI commenced at the BMICH in Colombo.

More than 700 India’s leading travel agents participated in this conference, which will be held from yesterday to the 9th, and this conference is the 67th annual conference of the association. This conference is being held in Sri Lanka after 18 years.

President Ranil Wickremesinghe participated as the chief guest in the opening ceremony of the conference and Indian High Commissioner Gopal Bagle and many other guests also participated.

Nishad Wijetunga, the President of SLAITO, extended a warm welcome to the distinguished delegation. Both Jyoti Mayal, the President of TAAI, and Gopal Baglay, the Indian High Commissioner to Sri Lanka, addressed the gathering, emphasizing the significance of India-Sri Lanka relations in the context of tourism.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *