Post Views: 305 අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් සකස් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා සඳහන් කරයි. අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (03) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි. තමා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කළ බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය. Post navigation මෑත කාලයේ සිදුවූ දැවැන්තම සත්ව හිතකාමී මෙහෙයුමකින් උපන් බිමට යලිත් ගිය මුතුරාජා නොහොත් සක් සුරීන් ජාත්‍යන්තර විශ්වාසය දිනූ Voyzant සංචාරක සේවා සැපයුම්කරු ශ්‍රී ලංකාවට. VOYZANT INC. LAUNCHES IN Sri Lanka