උත්තර ලංකා සභාගය විසින් රටේ පවතින සමාජ, දේශපාලන හා ආර්ථික තත්වය පිළිබදව මහ ජනතාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ පවත්වනු ලබන අතර එහි සිව්වන වැඩසටහන අද (01)සවස හංවැල්ල පහත්ගම “ඉසුරු ඉන්” උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ජාතික විධායක කමිටු සාමාජික, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරු අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නීල් ජයසිංහ යන මහත්වරු ද උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල සෙසු ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *