ජූලි මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසුවේ, ලොතරැයියක මිල ඉහළ දැමීමට ගත් මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවත් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවත් ය.
එම නිසා ලබන මස 6 වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව ක්‍රිෂාන් මාරඹගේ මහතා පවසයි. ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ලොතරැයි මිල වැඩි කිරීමත් සමග ලොතරැයි අලෙවි නියෝජිතයන්ට සහ බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල සියයට සියයකින් (100%) වැඩි කිරීමට කටයුතු කරන බව මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කරන ලදී.

මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වසර 03 ක සිට කථිකාවතක් පැවති බවත්, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අලෙවි නියෝජිතයන් ඇතුළු පිරිස් සමග සාකච්ඡා කර මිල වැඩි කිරීමට තීරණය කළ බවත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා කීය. මෙහිදී ලොතරැයි අලෙවිය සියයට 60 දක්වා පවත්වාගෙන යා හැකි බවත් ඉතිරි සියයට හතළිහේ ඉලක්කයට ඉදිරි මාස කිහිපයේදී ළඟාවිය හැකි බවට බලාපොරොත්තු තබා ඇති බවත් හෙතෙම කීය.

කෙසේ වෙතත්, මණ්ඩලය කුමක් කීවද, ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව ද සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ ප්‍රධාන ලේකම් බී. එස්. මාරසිංහ මහතා පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *