Post Views: 327 ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87 ක් සපිරීම නිමිති කොටගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී ජූලි මස 03 වැනි දින සිට සතියක් පුරා විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත. මේ යටතේ, එදින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා සදහන් කරයි. මෙදින සතූන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාව තුල වර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් මෙන්ම ළමුන් සඳහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය සදහන් කරන ලදී. Post navigation දශක තුනක යුද්දයේදී LTTE ය විසින් උතුරු නැගෙනහිර ඝාතනය කල මුස්ලිම් සහ සිංහල ජනතාව සිහිපත් කෙරේ. නව මහකොමසාරිස්වරු 03 දෙනෙක් සහ තානාපතිවරු 07 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති