Post Views: 286 ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊය විසින් මුස්ලිම් සහ සිංහල ජනතාව සමූලඝාතනය කිරීම්වලින් ජීවිතය අහිමි වූ නිරායුධ අහිංසක ජනතාව සිහිපත් කිරීමක් පසුගියදා මඩකලපුවේ ඔට්ටමාවාඩිහිදී පැවත්වුනි. ඒකීය දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට අධිෂ්ඨාන කර ගත් එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් සිංහල ජනතාවට පමණක් නොව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වූ මුස්ලිම් ජනතාවට පවා දැඩි පීඩාවක් එකී යුධමය කාලසීමාවේ පැවති බව සමස්ත ලෝක ප්‍රජාවට දැනගැනීමට ඉඩප්‍රස්ථාවක් නොතිබුනි. එම කාලසීමාවේ දැන් තරමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් නොතිබූ නිසා ත්‍රස්තවාදයට සහාය දක්වන්නන්ගේ අදහස් පමණක් ලෝක ප්‍රජාව වෙත සන්නිවේදනය විය. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ සිංහල ජනතාව හා ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන බවයි. එයට ප්‍රධාන ලෙස බලපෑවේ සරණාගතයන් ලෙස විදෙස් රටවලට සංක්‍රමණයවූ දෙමළ ප්‍රජාව තම ග්‍රහණයට ගෙන ඔවුන් හරහා තමන්ට අවශ්‍ය දේ පමණක් ලොවට ප්‍රකාශ කිරීමට එල්ටීටීඊ සංවිධානය සූක්ෂමව කටයුතු කිරීමයි. මේ තත්වය සැබෑ යථාර්තය නොවන බවත් එවකට වැඩිම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූයේ එල්ටීටීඊ සංවිධානය අතින් බවත් දැන් ක්‍රම ක්‍රමයෙන් හෙළිදරව් වෙමින් පවතී. පසුගියදා මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී සිංහල,මුස්ලිම් හා දෙමල ජනතාව එකමුතුව සිදුකල මෙම අනුස්මරණය තුලින් පෙන්නුම් කරන්නේද එවකට පැවති සැබෑ තත්වයයි. Post navigation “ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ. ජූලී 03 දා සත්තු වත්ත නැරඹීමට නොමිලයේ අවස්ථාව.