Post Views: 266 ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ඉදිකළ, “ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනතා අයිතියට පත් කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල ක්‍රියාත්මක ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ස්ථාපිත කර මහජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණෙන් නව පරිපාලන සංකීර්ණය ඉදිකරනු ලද අතර එය නම්කොට ඇත්තේ, “ලක් සියනෑ මන්දිරය” යනුවෙනි.මෙය මහල් 9 කින් සමන්විත පරිපාලන සංකීර්ණයක් වන අතර ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 4,000 ක මුදලක් වැයකර ඇත. මේ සමගම ගම්පහ නගරය ඇතුළු විවිධ ස්ථානවල පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 37 ක් නව සංකීර්ණයේ ස්ථාපනය කෙරුණා. සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුනි. Post navigation ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර් කරණය පිළිබඳ සංවේදී මාධ්‍ය වාර්තාකරණය වැඩසටහනක් කොලඹ දී. දශක තුනක යුද්දයේදී LTTE ය විසින් උතුරු නැගෙනහිර ඝාතනය කල මුස්ලිම් සහ සිංහල ජනතාව සිහිපත් කෙරේ.