ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර් කරණය පිළිබඳ සංවේදී සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ පිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩසටහනක් ඊයේ (27) කොළඹ මූවන්පික් (movenpick) හෝටලයේදී පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමාජ අන්තර් කරන පිළිබඳව සංවේදී මාධ්‍ය වාර්තාකරණයක ඇති වැදගත්කම කුමක්දැයි යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

වැඩසටහන පිළිබඳව හැඳින්වීමක් කරමින්, ආරම්භක දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය මෙහි ඇති කාලීන වැදගත්කම පැහැදිලි කරන ලදී.

අනතුරුව පැවති විද්වත් සාකච්චාව සඳහා පාර්ලිමේන්තු මංත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එරාන් වික්‍රමරත්න සහ තවත් කිහිපදෙනෙකු සහභාගී වූ අතර මෙම වැඩසටහන සදහා මාධ්‍යවේදීන් රැසක් සහභාගි විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *