මේ වන විට විසුරුවාහැර තිබෙන පළාත් පාලන ආයතනවල බලය යම කාලසීමාවක් සදහා නැවත කැදවීමට විෂයබාර අමාත්‍යවරයාට බලය ලැබෙන සේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනයට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.

මෙම පනත් කෙටුම්පතට අනුව, පලාත් පාලන ආයතන ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවකදී රටේ ඇතිවී ඇති යම්කිසි අර්බුධකාරී තත්වයක් නිසා ප්‍රකාශිත පරිද අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් පැන නැගී ඇති අවස්ථාවක අමත්‍යාවරයා විසින් ධූර කාලය දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12 ක කාලය ඉක්මවා ගොස් තිබුනද අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සදහා විසිරුනු සභාව නැවත යලි කැදවීමට හැකියාව ලැබෙන්නේය.

ඒ අනුව, මේ වන විටදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලයක් ඇති මෙරට පලාත් පාලන ආයතන යලි සක්‍රීය කර රජයට සහාය ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙම සංශෝධනය පාර්ලිමේන්තු මංත්‍රී ජයන්ත කැටගොඩ විසින් පෞද්ගලික මංත්‍රී පණත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති බව ගැසට් නිවේදනයේ සදහන් ව ඇත.

මෙවැනි පුවත් සදහා SMN24 ෆේස්බුක් පිටුව ලයික්/ෆලෝව් කරන්න.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *