Post Views: 281 කළුතර සිට යුධහමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලය රැගෙන යමින් සිටි යුධහමුදාවට පවරාගත් බස් රථක් බණ්ඩාරගම සමූපකාර සමිතිය ඉදිරිපිටදී යතුරුපැදියක ගැටිමෙන් අද (22) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල වයස අවුරුදු 3 ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වූ අතර යතුරුපැදිය පැදවූ ඇයගේ මව තුවාල ලබා රෝහල් ගත කර ඇත.බණ්ඩාරගම සමුපකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය යතුරුපැදියේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපකාර කාර්යාලය ඉදිරිපිටදී මෙම අනතුර වී තිබූ අතර අනතුරින් ජීවිතක්ෂයට පත්වුයේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියකි. Post navigation “Regional Dialogues for Women Journalists On Making the invisible visible” held today. මැතිවරණ නොතියා පළාත් පාලන ආයතනවල බලය රජයට.