Post Views: 264 මහජනතාවට අපහසුවකින් තොරව තමන් පදිංචි ප්‍රදේශවල සිටම ගමන් බලපත්‍රය ලබාගැනීමේ වැඩපිලිවෙල අද ආරම්භවිය.එහි නිළ සමාරම්භක අවස්ථාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමගම රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින් ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයකම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ බව ජනාධිපතිවරයා පැවසීය.“අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. සමහර දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතු නිසා සමහර දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකමැතියි.” යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා,“ජනාධිපතිතුමා මට මේ අමාත්‍යංශය භාර දෙන විට ආයතන හතරක් භාර දුන්නා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පිළිබඳ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අධිකාරිය එම ආයතන හතර වෙනවා”.එම අවස්ථාවේදී, ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දුන්නේ මහජනතාවට සැපයෙන සේවාවන් විධිමත් කරන්න කියලයි. මීට මාස ගණනකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව ගාව විශාල පෝලිම් තිබුණා. ඩිජිටල්කරණය හඳුන්වාදීම මඟින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මීට මාසෙකට පෙර සිට තිබූ පෝලිම් නැති කිරීමට අපට හැකි වුණා. අද අප මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. මෙම මාර්ගත ක්‍රමය ඔස්සේ දවස් තුනෙන් බලපත්‍ර ලබාගන්නා අය සඳහා රුපියල් 15,000 කටත්, දින 14 න් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට රුපියල් 5000 කටත් බලපත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඉදිරියේ දී සුහුරුපාය ගොඩනැගිල්ල තුළ ජනතාවට උපතේ සිට මරණය දක්වා අවශ්‍ය ලිපි ලේඛන එක වහලක් යටින් ලබා ගැනීමට අවස්ථාව ඇතිකරනවා” යනුවෙන් පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා මේ සම්බන්ධව සදහන් කරමින්,මෙයට පෙරදී ගමන් බලපත්‍ර අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත හෝ පලාත් කාර්යාලය වෙත පැමිනිය යුතු වුවත් මෙම ඔන්ලයින් ක්‍රමය අනුව එසේ අවශ්‍යතාවයක් නොමැති බවත් අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කර ඇගිලි සලකුණු හා ඡායාරූපය ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබාදී ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකි බව පැවසීය.මේ සදහා දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් සූදානම් කර ඇති බවත් ඒ අනුව අදින් පසුව අයදුම්කරුවන්හට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ මුදල් හා කාලය වැයකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ලේකම්වරයා සදහන් කරන ලදී. ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. චින්තක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තාවක් තබයි. “Regional Dialogues for Women Journalists On Making the invisible visible” held today.