Post Views: 379 කොළඹ යුද්ධ හමුදා රෝහලේදී සිදුකල වකුගඩු ආශ්‍රීත ශල්‍යකර්මයකදී ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමටඑහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇත. පසුගිය ජුනි මස 01 වන දින මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබ ඇති අතර, ඒ සදහා යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකරනු ලැබීය. ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය වන ලදී. මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වූ අතර, ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ. ඒ අනුව, මෙම වකුගඩු ගල දැනට ශල්‍යකර්මයක මගින් ඉවත් කරන ලද දිගම සහ බරින් වැඩිම වකුගඩු ගල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබේ. For verification visit the link https://www.guinnessworldrecords.com/world-records/largest-kidney-stone?fbclid=IwAR0XuIVmGYD0Dz2cB3wyqybn9X8uUz9WQoRa9jHMkP7zN148qpgLIY1dvSs Post navigation සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය. මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ.