Post Views: 321 නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය. ස්ථාවර නියෝග 121 අනුව මෙම නම් කිරීම සිදු කොට ඇති අතර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය දැරීය. Post navigation පාසැල් දරුවන්ට විද්යුත් තැපෑල් (E-mail) සැකසීමේදී දෙමවුපියන්ගේ දත්ත ඇතුළත් කරන්න එපා – පොලිස් අපරාධ අංශය කියයි. ශ්රී ලංකාව තුළ ඉන්ධන සැපයුම සදහා නව ගිවිසුමකට අත්සන් තැබේ.