Post Views: 326 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා. අදාළ පෙත්සමේ තීන්දුව අද (06) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නිවේදනය කළේ අදාළ තීන්දුව ප්‍රකාහයට පත්කිරීම ලබන 25 වනදා දක්වා කල් තබන බවයි. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා මෙම පෙත්සම ගොනුකර ඇති අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිම තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. Post navigation පාදුක්ක තැපැල් කාර්යාලයෙන් හැමෝටම ලියුම් වෙනුවට බෙදපු දේ “සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහල ගිහින්. පුද්ගලික තොරතුරු කිසිවෙකුටත් දෙන්න එපා.” පොලීසිය කියයි.