සාමාන්‍යයෙන් තැපල් කාර්යාලයෙන් කරනු ලබන ප්‍රධානතම කාර්යය වන්නේ ලියුම් බෙදීමයි. නමුත් මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයක කටයුත්තක් මෙවර පොසොන් පොහොය නිමිති කොටගෙන පාදුක්ක තැපැල් කාර්යාල සේවක මඩුල්ල සිදු කරන ලදී.
ඒ ලියුම් වෙනුවට ජනතාවට සීනී සම්බෝල පාන් බෙදාදීමේ දන්සලක් අද (02) දින සවස 3.00 සිට පාදුක්ක තැපැල් කාර්යාල පරිශ්‍රයේදී පවත්වමිනි.

පාදුක්ක තැපැල් ස්ථානාධිපති ආර්. ඩබ්ලිව් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාදුක්ක තැපැල් කාර්යාලය යටතේ ඇති උපතැපැල් කාර්යාල 17 ක් සහ කාර්ය මංඩලය 80 දෙනෙකුගේ සහයෝගය ඇතිව ප්‍රථමවරට සංවිධානය කරන ලද මෙම දන්සැල මගින් සීනී සම්බෝල පාන් පාර්සල් 2500 ක් ජනතාව අතර බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට පාදුක්ක පොලිස් ස්ථානාධිපති සහ ව්‍යාපාරික මහතුන් කිහිපදෙනෙකුද සහභාගී වූ අතර පාදුක්ක සහ අවට විශාල ජනතාවක් දන්සැල වෙත පැමිණීම හේතුවෙන් පැයකටත් අඩු කාල සීමාවකදී පාන් පාර්සල් සියල්ල ජනතාව වෙත බෙදා අවසන් කිරීමට හැකි විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *