Post Views: 316 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා බස් රථයක ගමන් කරමින් සිටියදි උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවක් හැරවීමට යාමේදී බසයේ රියදුරාව ඔහුගේ අසුනෙන් ඉවතට විසිවී ගිය අතර මීටර් 50 ක් පමණ දුර රියදුරු නොමැතිව බස් රථය ගමන් කළේය. එම අවස්ථාවේ බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න වහාම ක්‍රියාත්මක වී රියදුරු අසුනට ගොස් බසයේ තිරිංග තද කර මහත් පරිශ්‍රමයක් දරා රියදුරු නොමැතිව ගමන්කරමින් තිබු බස් රථය නවත්වා ගන්නා ලදී. එම අවස්ථාවේ බසයේ මගීන් පනහකට වැඩි පිරිසක් ගමන් ගත් අතර ඔවුන් සැමගේ ජීවීත ඇතිවීමට ගිය විශාල අනතුරකින් බේරා ගැනීම්ට මේ නිසා හැකියාව ලැබුනි. මෙම සෙබලාගේ වීර ක්‍රියාව ගැන වාර්තා වූ පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් ඊයේ (01) දින අදාල සෙබළාව යුද්ධ හමුදා මූලස්ථානයට කැදවා යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම ප්‍රදානය කරන ලදී.ඔහුගේ නිර්භීතභාවය අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුගේ අනාගතයට සුබ පතන ලදී. Post navigation යුධ හමුදාවේ ඉහල නිලවල වෙනසක් සිදුකෙරේ. පාදුක්ක තැපැල් කාර්යාලයෙන් හැමෝටම ලියුම් වෙනුවට බෙදපු දේ