යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිට පහලට නිළධාරීන් ගණනාවකට තනතුරු මාරුවීම් ලබාදෙමින් හමුදා නියෝගයක් නිකුත් කර ඇත.

මෙසේ ඉහලම තනතුරුවල නිළධාරීන් මාරු කිරීමට හේතුවී ඇත්තේ, යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටි මේජර් ජනරාල් සුජීව සෙනරත් යාපා මෙන්ම තවත් ජේයෂ්ඨ නිළධාරීන් තම සේවාකාලය නිමාකර විශ්‍රාම ගැනීම නිසා බව සදහන් ය.

ඒ අනුව, යුධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස දැනට යුධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරන මේජර් ජනරාල් සංජය වනසිංහ පත්කර ඇති අතර ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස මේජර් ජනරාල් නිශාන්ත මානගේ පත් කර ඇත.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජනරාල් සංජය වනසිංහ, හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුතා වන අතර හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයෙකුගේ පුතෙකු මෙතරම් ඉහල තනතුරකට පත්වූයේ පලමු වරටය. හැමිල්ටන් වනසිංහ මහතා යුධ හමුදාපති ලෙස කටයුතු කල අවධියේදී සංජය වනසිංහ මහතා යුධ හමුදාවට බැදී ඇත.

මෙයට අමතරව ආරක්ෂක සේනා ආඥාපති, යාපනය, මුලතිව් හා නැගෙනහිර යන තනතුරු ඇතුළුව තවත් තනතුරු ගණනාවක්ම මේ සමග වෙනස් වී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *