බෞද්ධ ආගමට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්බවට වන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මෙම සැකකරු ඊයේ (31) අත්අඩංගුවට ගත් අතර අද දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

“මෝඩාභිමානය” නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ ආගමට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *