Post Views: 311 පාදුක්ක ප්‍රදේශයේ නව මත්පැන් හලක් සදහා බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බව අද (29) පැවති පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාදුක්ක ශාසනාරක්ෂ බලමණ්ඩලයේ සභාපති හිමි ඇතුළු සංගරත්නය විසින් කල ප්‍රකාශයක් සමග ඒ සම්බන්ධව සම්බන්ධීකරණ කමිටු සභාපති විසින් රැස්වීමට සහභාගී වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරිගෙන් විමසීමක කරන ලදී. මෙහිදී සුරාබදු නිළධාරි විසින් සදහන් කලේ අයදුම්පතක් ලැබී ඇති බවත් තවමත් බලපත්‍ර ලබාදීමක් සිදුකර නොමැති බවත්ය. තවද, බලපත්‍රය ලබාදීමට පෙර සම්පූර්ණ වියයුතු කරුණු ගණනාවක් ඇති බවත් අයදුම්පතක් ලද පමණින් බලපත්‍ර ලබා දීමක් නොකරන බවත්ය. මෙහිදී සම්බන්ධීකරණ කමිටු සභාපති, ජගත් කුමාර මංත්‍රීවරයා සදහන් කලේ පාදුක්කට තවත් මත්පැන් හල අනවශ්‍ය බවත් හැකිනම් තිබෙන ඒවාත් ඉවත් කලයුතු බවත්ය. සම්බන්ධීකරණ කමිටුව ලෙස අළුත් බලපත්‍ර ලබාදීම් කිසිවකට එකග නොවන බවත් ඒ බව වාර්තා කර යැවීමට කටයුතු කරන ලෙසත් සදහන් කරන ලදී. Post navigation ජුනි මස 5 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයෙන් වැඩසටහන් රාශියක්. රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ් කෙරේ. දුක කියමින් රිමාන්ඩ් එකට යයි