Post Views: 268 1972 වසරේ ජූනි මස 5 සිට 16 දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වූ පරිසර සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් අනතුරුව සෑම වසරකම ජුනී 05 දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව, මෙවර ජගත් පරිසර දින තේමාව ලෙස “Beat Plastic Pollution ” යන්න ඉදිරිපත් කර ඇති අතර, එයට අනුකූලව ශ්‍රී ලංකාව මෙවර පරිසර දින තේමාව ලෙස “ප්ලස්ටික් මගින් සිදුවන දූෂණය පිටු දකිමු” නම්කර ජගත් පරිසර දිනය සමරනු ලබන බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පෙර වසර වලට වඩා මෙවර පරිසර සැමරුම විශේෂත්වයක් ගනු ලබන බවත් සදහන් කල වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එයට හේතුව මෙවර මැයි 30 සිට ජුනි 05 දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත්කර එම දිනයන් සදහා විශේෂ වූ පරිසර වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබීම බවත් පෙන්වා දෙන ලදී. ඒ අනුව, මැයි 30 රුක් රෝපණ දිනය මැයි 31 වායු දූෂණය හා එහි බලපෑම් අවම කිරීමේ දිනය ජුනි 01 පරිසර පවිත්‍ර කිරීමේ දිනය ජුනි 02 ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ජුනි 04 තිරසර ඉඩම් කළමනාකරණ දිනය ජුනි 05 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනාකරණ දිනය හා ජගත් පරිසර දින සැමරුම වශයෙන් නම්කර වැඩසටහන් සැලසුම් කර ඇති බවත් සදහන් කරන ලදී. මේ අනුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙම වැඩසටහන සදහා සහාය ලබාදෙන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම් ඉල්ලා සිටින ලදී. Post navigation නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්. “පාදුක්කේ බාර් දාන්න දෙන්නේ නැහැ” සම්බන්ධීකරණ කමිටු සභාපති මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියයි.