එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා (25) රාජගිරියේ පිහිටි කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්විනි.

“පොසොන් සැමරුමට සංහිදියා පිංකම” ලෙස පැවැත්වුනු මෙම පුණ්‍ය කටයුත්තේ තිබූ විශේෂත්වය නම් මෙය බෞද්ධ ආගමික කටයුත්තක් වුවත් බොදු පිරිස පමණක් නොව කිතුණු ආගමික විදුහල්පති පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් මෙන්ම හින්දු ආගමික විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන් ද එක්ව සහයෝගයෙන් හා සහජීවනයෙන් මෙම පුන්‍යකර්මය සැලසුම්කර පැවැත්වීමයි.

නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මි කොඩිකාර ආරච්චි මහත්මියගේ සංකල්පනාවක් හා මෙහෙයවීමෙන් සිදු කෙරුණු මෙම පුන්‍ය කටයුත්තට පාර්ලිමේන්තු මංත්‍රී මධුර විතානගේ, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරී ඒකනායක, වැලිකඩ පොලිස් ස්ථානාධිපති චින්තක අනුරාධ යන මහත්ම මහත්මියන් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරිනියන් හා තවත් විශාල පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාවේදී මෙම පුන්‍ය කටයුත්ත සම්බන්ධව අදහස් දැක්වූ නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මි කොඩිකාර ආරච්චි මහත්මිය සදහන් කලේ, “මෙරට ජාතී හා ආගම් අතර සංහිදියාව ගැන නිරන්තරයෙන්ම කථා කරන නමුත් ඒ වෙනුවෙන් ක්‍රියාකරන පිරිස අඩු බවයි”. ඒ සදහා රාජ්‍ය නිළධාරීන් ලෙස රාජකාරී සීමාවලට කොටුනොවී අප සැම කටයුතු කලයුතු බවත් රටේ ඉදිරිය ආරම්භවන අධ්‍යාපන ක්‍රේෂ්ත්‍රය තුලින්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වමින් මෙම සංහිදියා පිංකම සැලසුම් කල බවද ඇය පැවසීය.

එමෙන්ම, කොට්ඨාශ කාර්යාලයේ සේවය කල මෑතකදී අභාවයට පත් අනධ්‍යන කාර්ය මංඩල සාමාජික ප්‍රසන්න සිල්වා මහතා සිහි කර පිං පැමිණවීමද මෙම පිංකමේ තවත් අරමුණක් බවත් ඒ සදහා අද මෙම පිංකමට මියගිය ප්‍රසන්න මහතාගේ බිරිද හා දියණිය ද සහභාගී වන බවත් කොට්ඨාශ අධ්‍යක්ෂිකාව පැවසුවාය.

පිංකම ආරම්භ කරමින් කරඩුව වැඩම්මවීම උඩරට නර්ථන හා හේවිසි බෙර පූජා මධ්‍යයේ සිදු කිරීමෙන් අනතුරුව මල් පහන් පූජා කරන ලදී. අනතුරුව ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍යපාද ගංතුනේ සෝමතිලක හිමි ප්‍රධාන මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර පිරිස පංච ශීලයෙහි පිහිටුවා සෙත් පිරිත් සජ්ජායනාව සිදු කරන ලදී.

අනතුරුව ධර්ම දේශනාව සිදුක‍ල අතර ඉන් පසුව මහා සංඝරත්නය වෙත දානය පිළිගන්වන ලදී. දානමය කටයුතු වලින් අනතුරුව මියගිය කාර්ය මංඩල සාමාජික ප්‍රසන්න සිල්වා මහතා ඇතුළු සියල්ලන් වෙත පිං අනුමෝදනා කර වැඩකටයුතු නිමාවට පත් කරන ලදී.

අවසානයේ කොට්ඨාශ අධ්‍යක්ෂවරිය විසින් මෙම කටයුත්තට සහයෝගය දැක්වූ ගරුතර මහා සංඝරත්නයටත්, කතෝලික විදුහල්පති පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ටත්, කලාප අධ්‍යක්ෂිකාව ඇතුළු කාර්ය මංඩලයටත්, කොට්ඨාශ කාර්යාලයේ සියල්ලන්ටත්, හේවාවිතාරණ ප්‍රාථමිකයේ විදුහල්පතිනිය ගුරු මංඩලය ඇතුළු දෙමාපියන් සැමටත්, හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පති, ගුරු මංඩලය ඇතුළු දෙමාපියන් සැමටත්, විදුහල්පතිව‍රුන් සැමටත්, ගුරු උපදේශකවරුන් සැමටත්, නන් අයුරින් සහයෝගය දුන් සියල්ලන්ටත් සහභාගී වූ සැමටත් සිය ස්තුතිය පලකරන ලදී.

PHOTO LINK

https://www.facebook.com/smn24news/posts/pfbid02U542texrjQv8zk7fWzxjh6B4d3J6FnLKTYwcA4fAJZdE4zUaQUHNinNFqWT1q3u8l

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *