මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් එහි සේවක පිරිස ඊයේ නිහඩ විරෝධයක නිරත විය.

කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස් වරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා කොමිෂන් සභාවේ ගරුත්වයට හානි වන බවත් ඔවුන් අභ්‍යන්තරව සාකච්ඡාකර විසදාගතයුතු කරුණු මාධ්‍යයට ලබා දීමට කටයුතු කර ඇති බවත් පවසමින් ඊයේ (26) දහවල් මෙම විරෝධය පැවැත්වුනි.

මෙවැනි සිදුවීමක් ඇතිවූයේ මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ පළමුවරට බවත් මෙය ඉතා බරපතල තත්වයක් බවත් විරෝධතාකරුවන් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *