Post Views: 279 එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අදාළ පත්විම් ලිපිය නිකුත්කර ඇති බවත් වාර්තා වේ. දැනට ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාවක ලෙස ඉදිරිපත් වි සිටින රෝසි සේනානායක මෙසේ එම විෂයටම අදාලව ජනාධිපති පළාත් පාලන කටයුතු උපදේශකවරිය ලෙස පත්කිරීම නුසුදුසු බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. මෙම පත්වීම ඇයට ලබා දී ඇත්තේ ගරු තනතුරක් ලෙස බවත් එයට වැටුප් නොලැබෙන අතර ප්‍රවාහන පහසුකම් පමණක් සලසනු ලබන බවත් සදහන් ය.ඒ අනුව, තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන දෙන ලෙස හිටපු නගරාධිපතිනිය ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙන අතර එම රථය හා ඇයගේ හිටපු රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි. මේ අතර, තමන්ට නගරාධිපති නිල නිවෙස් තවත් සති 2ක කාලයක් රැදී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා රෝසි සේනානායක මහත්මිය විසින් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.නගර සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව තවදුරටත් තමන්ට එහි වාසය කිරීමට ඉඩ දෙන ලෙස රෝසි සේනානායක මහත්මිය විසින් මීට පෙර ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබූ අතර එම ඉල්ලීම මත අප්‍රේල් 16 වන දින දක්වා මාසයක කාලයක් වැඩිපුර ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබිණ. එසේ තිබියදී රෝසි සේනානායක මහත්මිය තවත් සති 2 ක් ඇයට නිල නිවසේ ගත කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන ලෙස මෙසේ ලිපියක් යොමු කොට ඇත. Post navigation අරාබි මුහුදේ දී මියගිය මුහුදු ආරක්ෂකයාගේ මෘතදේහය මෙරටට රැගෙන එයි. මානව හිමිකම් කොමිසමේත් හිමිකම් උල්ලංඝනය වෙලා.