Post Views: 247 අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කරයි. නියෝජ්‍ය විදුහල්පතිවරයා තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කල වෙඩි තැබීමකින් තුවාල ලබා ඇත. මෙහිදී තුවාල ලැබූ පුද්ගලයා වෙඩි ප්‍රහාරය මැදම යතුරු පැදිය අම්බලන්ගොඩ පොලීසිය වෙත පදවාගෙන පැමිණ ඇති නමුත් පොලීසියේ ගේට්ටුව අසලදී ඔහු බිමට වැටී ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් තුවාල ලබාසිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහල් ගතකර ඇති අතර ඔහු ශල්‍යකර්මයකට ද ලක් කර ඇති බවත් වාර්තාවේ. මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි ධනුක සොයිසා නම් පුද්ගලයකුට බවත් ඔහු කොස්ගොඩ සුජී නමැති පුද්ගලයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි. මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර අම්බලන්ගොඩ පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරමින් පවතී. Post navigation ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගනී. පරීක්ෂණ සදහා කරාපිටියට යවයි. අරාබි මුහුදේ දී මියගිය මුහුදු ආරක්ෂකයාගේ මෘතදේහය මෙරටට රැගෙන එයි.