Post Views: 260 හිටපු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීම අද (25) උදෑසන බොරැල්ල සුසාන භූමීයේදී සිදු කෙරුනි. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් කලයුතු බවත් ඒ සදහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කල ඉල්ලීමක් අනුව ලබාදුන් අධිකරණ නියෝගය මත මෙම දේහය ගොඩ ගැනීම සිදු කෙරුනි. ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සමග අදාල පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිටදී අද එම දේහය ගොඩගත් අතර දේහය හදුනා ගැනීම සදහා ෂාප්ටර් මහතාගේ පවුලේ ඥාතීන් ද පැමිණ සිටිනු දක්නට ලැබිනි. දේහය ගොඩ ගැනීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට එම ස්ථානය අසලට යාමට ඉඩ නොලැබුන අතර බොරැල්ල කනත්ත අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුනි. අනතුරුව දේහය හදුනාගැනීමේ කටයුතු වලින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවන ලදී Post navigation අන්තරේට නව කැදවුම්කරුවෙකු පත් වේ. වසන්ත අළුත් ගමනකට මුල පුරයි. අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි.