Post Views: 267 පාසල් සිසුන්ට අපොස සාපෙළ විභාගය සදහා පෙනීසිටීමට පෙර හැදුනුම්පත ලබා ගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිරතුරුවම සිහිකැදවීම් කලද මේ වනවිට ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කරුවන් අතුරින් වයස අවුරුදු 18 සපිරි අයට පවා දෙපාර්තමේන්තුව මගින් හැදුනුම්පත වෙනුවට නිකුත් කරනුයේ කඩදාසී කොළයක් පමණකි. මේ තත්වය පිළිබදව විමසීමේදී එහි සහකාර කොමසාරිස්වරයෙකු සදහන් කලේ මේ වනවිටදී පවතින කාඩ්පත් හිගය නිසා මෙන්ම වියදම් අවම කර ගැනීම සදහා 2005 ජනවාරී 01 දිනට පසුව උපන් අය සදහා කාඩ්පත් නිකුත් නොකරන අතර ඔවුන් සදහා හැදුනුම්පත් තොරතුරු සදහන් ලිපියක් පමණක් නිකුත් කරන බවය. එසේ වුවත් යම් විශේෂිත කරුණු ඉදිරිපත් කරන්නේ නම් පමණක් ඒ පිළිබදව කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය මත හැදුනුම්පත් කාඩ්පතක නිකුත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කලේය. තත්වය මෙසේ වුවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පසුගියදා සදහන් කලේ වයස 16 සම්පූර්ණ වීමෙන් පසු යමෙක් හැදුනුම්පතක් සදහා ඉල්ලුම් කරන්නේ නම රුපියල් 2500 ක දඩ මුදලක් අයකරන බවයි. මේ සම්බන්ධව හැදුනුම්පත් ලබාගැනීමට පැමිණ සිටි ජනතාව පවසා සිටියේ දඩ මුදලක් ලබාගැනීමට තිබෙන උනන්දුව නිසි ප්‍රමිතියකින් යුත් හැදුනුම්පතක් ලබාදීමට රජයට හෝ අදාල බළධාරීන්ට නොමැති බවයි. Post navigation රටට විනිමය උපයමින් තම පවුල් රැකි විදෙස් ශ්රමික මරණ දෙකක්. නිළධාරීන්ගේ ක්රියාශීලීත්වයේ පැහැදිලි වෙනසක්. අන්තරේට නව කැදවුම්කරුවෙකු පත් වේ. වසන්ත අළුත් ගමනකට මුල පුරයි.