සිංගප්පූරුවේ දී දිවි නසාගත් නදීකා ගේ දේහය මෙරටට ගෙන්වීමට තිබූ උනන්දුව රටට ඩොලර් උපයමින් සමුද්‍ර ආරක්ෂක සේවයේදී හදිසියේ මියගිය සී මාර්ෂල් චමින්ද පුෂ්පකුමාරගේ දේහය ගෙන්වීමට බළධාරීන් කලබල නොවන්නේ මන්ද ?

පසුගියදා මෙරටින් පිටත්ව විදෙස් රැකියාවල නිරතව සිටි ශ්‍රමිකයින් දෙදෙනකුගේ අභාවයන් සිදුවිය. ඉන් පළමු වැන්න රක්නා ලංකා හරහා විදෙස් නෞකාවක සමුද්‍ර ආරක්ෂක සේවයට ගොස් සිටි මාතලේ පදිංචි හිටපු නාවික සෙබලෙකු වන පී ජී චමින්ද පුෂ්පකුමාර නම් සමුද්‍ර ආරක්ෂක නිළධාරියා ඕමාන් මුහුදේදී තම නෞකාවේ සේවය කරමින් සිටියදී පසුගිය 10 දින හදිසියේ මිය යාමයි.
දෙවැන්න සිංගප්පූරුවේ ගෘහ සේවිකා තනතුර සදහා ගොස් සිටි දංකොටුවේ පදිංචි නදීකා දිල්හානි යන අය පසුගිය 16 දා තමන් සේවය කල මහල් නිවාසයෙන් බිමට වැටී මියයාමයි.

ඉන් අනතුරුව පසුගිය 10 දින මියගිය චමින්දගේ දේහය තවමත් ඕමාන් වරායේ පැත්තක තිබියදී 16 දින මියගිය නදීකාගේ දේහය අද දින (20) මෙරටට ගෙන්වීමට කඩිනමින් ක්‍රියාකිරීම යම් තරමකට ප්‍රශ්නකාරී බව චමින්දගේ ඥාතීන් පවසයි.

ඔවුන් පවසන්නේ මේ සදහා තම මියගිය ඥාතියා සේවයට අනුයුක්ත කල රක්නා ලංකා ආයතනය කටයුතු කරන ඇල්මැරුනු ස්වභාවය නිසා මෙම කටයුත්ත තවමත් ප්‍රමාදව ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම මරණ දෙක ගැන සැලකීමේදී මෙරට මාධ්‍ය මගින් නදීකාගේ මරණයට ලබාදුන් ප්‍රචාරණයට සාපේක්ෂව සුළු හෝ අවධානයක් සමුද්‍ර ආරක්ෂකයාගේ මරණයට ලබානොදීම අදාල බලධාරීන් මෙම මරණ දෙක සදහා මෙසේ දෙආකාරයකින් කටයුතු කරන බව නම් පෙනී යන කරුණකි.

තම පවුලේ සාමාජිකයෙකුගේ අභාවය අන් කාට කෙසේ වුවත් එම පවුලේ සමීපතමයින්ට දැඩි වේදනාවකි. එවැනි මොහොතක ඔවුන් තම දුක තුනී කරගනු ලබනුයේ මියගිය තැනැත්තාට හෝ තැනැත්තියට නිසි අවසන් බුහුමන් දැක්වීම තුලින් බව සත්‍යයකි. මේ නිසා නදීකාගේ දේහය මෙරටට කඩිනමින් ගෙන්වූවා සේම චමින්දගේ දේහයද ගෙන්වීමට බළධාරීන් කටයුතු කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *