Post Views: 262 පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ සංකල්පයක් අනුව ඇති කළ ජගත් කුමාර සිසුනැණ පදනම සංස්ථාගත කිරීමේ නිල උත්සවය සහ කලා ශිල්පී අභිනන්දනය ඊයේ (19) බත්තරමුල්ල සමෘද්ධි සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට සිසු පරපුර වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපුරාදීම තුලින් රටේ අභිවෘද්ධියට දක්ෂතා ඇති පරපුරක් දායාද කිරීමට අවශ්‍ය දායකත්වය ඉටුකරලීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියන් සඳහා අධ්‍යාපනයට අවශ්‍ය සහයෝගය ලබා දීම මෙමඟින් සිදු කරනු ලබයි. මෙම සමාරම්භක අවස්ථාවේ දී සිසු දරු දැරියන් 37 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබාදීමත් මෙරට කලාකෙත අස්වැද්දූ කලාශිල්පීන් 08 දෙනෙකු ඇගයීමත් මෙහිදී සිදුකෙරුනි. රාජ්‍ය ආමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වූ අතර ඇයගේ කලා දිවිය මෙන්ම දේශපාලන දිවිය අගයමින් ඇයටද සම්මානයක් පිරිනැමීම ජගත් කුමාර මංත්‍රීවරයා විසින් සිදු කරන ලදී. Post navigation ඩරාස් මුලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. රටට විනිමය උපයමින් තම පවුල් රැකි විදෙස් ශ්‍රමික මරණ දෙකක්. නිළධාරීන්ගේ ක්‍රියාශීලීත්වයේ පැහැදිලි වෙනසක්.