Post Views: 270 කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදී. පීත්ත පටිය කැපීමෙන් අනතුරුව ඩිජිටල් ඵලකය ආලෝකවත් කරමින් ඩරාස් මුලස්ථානය නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීමට ද එක් වූ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක ද නිරත විය. විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි, එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍යය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. ශ්‍රී ලංකාවේ ඩරාස් ස්ථාපිත කිරීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය සඳහා ඇති අවස්ථාව බවත් සදහන් කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ “ඊ -වාණිජ්‍ය” යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අලිබබා සමාගම වෙත සිය ස්තූතිය පළ කරන ලදී. Post navigation අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් ගැසට් නිවේදනයක්. ජගත් කුමාර සිසුනැණ පදනම සංස්ථාගත කිරීමේ නිල උත්සවය.