අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට පාරිභෝගිකයන් නොමඟ යවන සුළු කටයුතුවල නිරත නොවිය යුතු අතර භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති මිල බවට සහතික විය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම භාණ්ඩ විකිණීමට අදාල කොන්දේසි පහසුවෙන් තේරුම් ගත හැකි ලෙසට සදහන් කලයුතු බව මෙන්ම, පාරිභෝගිකයින්ගේ ඇගයීම් හා සමාලෝචන සම්බන්ධයෙන් අසත්‍ය ඇගයීම් ප්‍රකාශයට පත් නොකළ යුතු අතර සමාලෝචන යොමු කිරීමට කුලී පදනම මත තෙවන පාර්ශ්වයක් යොදා නොගත යුතු බවත් එහි සඳහන් ය.

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර ප්‍රවාහනයේදී සියලු තොරතුරු ඇතුළත් කුවිතාන්සියක් පාරිභෝකයා වෙත නිකුත් කළ යුතු බවත් අදාල නිවේදනය මගින් නියම කර ඇති අතර පාරිභෝගිකයා ආරක්ෂාවන ආකාරයේ තවත් කරුණු ගණනාවක් එකී ගැසට් නිවේදනයේ සදහන් ය.

අන්තර්ජාල වෙළදාම තුලදී බොහෝ අවස්ථාවලපාරිභෝගිකයන් රැවටීමට ලක්වන නිසා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කරන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *