Post Views: 295 ලබන ජුනි මස පළමුදා සිට ගමන් බලපත්‍ර අයදුම් කරුවන්ට තම නිවසේ සිටම ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමටත් එය කඩිනම් සේවය යටතේ දින තුනකදී නිවසටම ලබා ගැනීමටත් සාමන්‍ය සේවය යටතේ දින 14 කදී නිවසටම ලබා ගැනීමටත් අවස්ථාව සලසන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කර සිටී. මේ යටතේ මාර්ග ගත ක්‍රමයට අයදුම්පත්‍ර යොමුකල විටදී තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයදුම්කරුට දන්වන අතර එම කාර්යාලයට ගොස් තම ඇගිලි සලකුණු ලබාදීම හා ඡායාරූප ගැනීම සිදුකල යුතුය. අයදුම්පත්‍ර ගාස්තුවද මාර්ගගත ක්‍රමය මගින්ම ගෙවීමේ පහසුකම සලසා ඇති බවත් එසේ නොමැති නම් බැංකු හරහා ගෙවීම් කිරීමටද හැකි බවත් ආගමන හා විගමන පාලක ජනරාල් සදහන් කරයි. Post navigation හමුදා සෙබලියන්ගේ මාරුවීමට එරෙහිව විරෝධතාවයක්. ආර්ථිකය ස්ථාවර කර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් දිය හැකි බව ජනපති පවසයි.