මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129 ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

2012 වසරේ සිට ඔවුන් එම කඳවුරේ සේවය කරන බවත් හදිසියේ තමන්ව වවුනියාවට මාරුකර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රශ්න හා ගැටලු විශාල සංඛ්‍යාවකට මුහුණ දීමට සිදු වන නිසා මෙම මාරුව අවලංගු කොට තමන්ට පහසු සේවා ස්ථානය වූ කොකාවිල් කඳවුරේම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාවය ආරම්භ කොට ඇත.

ඔවුන්ගේ මෙම විරෝධතාවය දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වන අතර තවමත් ඉහල නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති නිසා ඔවුන්ගේ විරෝධතාවය දිගටම කරගෙන යන බව ඔවුන් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය ප්‍රකාශ බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සදහන් කරන්නේ, කොකාවිල් හමුදා කදවුරේ කාන්තා සෙබලියන් ස්ථාන මාරුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදෙන්නේ ශ්‍රි ලංකා යුද හමුදාවේ 04 වන කාන්තා බලකායේ සෙබලියන්ගේ ඥාතීන් සහ ඔවුන් සම්බන්ධව උනන්දුවක් දක්වන පිරිස් බවත් ය.

එමෙන්ම, මෙම උද්ඝෝෂණයට කාන්තා සෙබලියන් සම්බන්ධ වී සිටින්නේ දැයි සොයා බලන බවත්, විරෝධතාවයට සෙබලියන් සහභාගි සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිව හමුදා විනය පටිපාටියට අනුව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *