මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මින් ඉදිරියට වාහන ලියාපදිංචි සහතික වල පෙර අයිතිකරුවන් ගණන හා ඔවුන්ගේ විස්තර සදහන් නොකිරීමට තීරණය කර ඇත.
පෙර අයිතිකරුවන් ගණන සදහන් කිරීම තුලින් වාහන වල වටිනාකමට එය විශාල බලපෑමක් එල්ල කරන බව පාර්ශව ගණනාවක්ම කල පෙන්වා දීම අනුව මෙම තීරණය ගත් බව සදහන් ය.

කෙසේ වෙතත් අවසන් හිමිකරුගේ තොරතුරු පමණක් පෙර ලෙසටම සටහන් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෙම නියෝගය 2023-05-17 දින සිට බලපාන පරිදි ක්‍රියාත්මක කරන බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *