ශ්‍රී ලංකාවේ මාධ්‍යය ඉතිහාසයට නව සටහනක් එක් කරමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) හි ශ්‍රී ලාංකික ඡායාරූප මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන ශ්‍රී ලංකාවේ ජන අරගලය ආවරණය කිරීම වෙනුවෙන් ජනමාධ්‍ය ලෝකයේ වඩාත්ම ගෞරවනීය සම්මානය වන පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කෙරී ඇත.

Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත මෙසේ එරංග ගේ නම යෝජනා කර ඇති අතර ඔහුත් සමගම ඒ සදහා නාමයෝජනා වී ඇත්තේ මුම්බායි හි ඡායාරූප මාධ්‍යවේදියෙකු වන රෆීක් මක්බූල් සහ ලින්සි අඩාරියෝ ය.

ඡායාරූප පත්‍රකලාවේදී ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි කාලයක් පුරාවට අත්දැකීම් පිරි එරංග තම ඡායාරූප පත්‍රකලාවේදී ජීවිතය තුළ සමාජීය හා දේශපාලනික වශයෙන් උණුසුම් සිදුවීම් රැසක් කැමරා කාචයේ සටහන් කර ගැනීමට සමත්ව ඇත. ඔහු 2002 දී ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප මාධ්‍යවේදි ලෙස කටයුතු කරයි.

සිය ඡායාරූප මාධ්‍යවේදි ජීවිතයේදී ස්වභාවධර්මයේ ඡායාරූපකරණය, සමාජ-දේශපාලන සිදුවීම් සහ විනෝදාස්වාදය ආදී සෑම ක්‍රේෂ්ත්‍රයක්ම ඔහු ව්සින් ආවරණය කර ඇත. 2004 සුනාමි ඛේදවාචකය, 30 වසරක සිවිල් යුද්ධය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩා, අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන ඇතුළු දෙස් විදෙස් උණුසුම් අවස්ථා රැසකට ද එරංග ආවරණය ලබා දී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *