Post Views: 275 වාර්ෂිකව පවත්වනු ලබන ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 19 දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන මෙම රණවිරු සැමරුම් උත්සවය සදහා යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය. Post navigation වර්ජනය නවතී විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩට බසී මෙරට දේශපාලනයට, සමාජ ආර්ථිකයට කළු පැල්ලමක් එක්කල මැයි 09 ඛේදවාචකයට වසරයි.