එක්සත් රාජධානියේ III චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි 6 සෙනසුරාදා සිදු වන අතර, ඒ සදහා ආරාධනා ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අළුයම එංගලන්තය බලා පිටත්ව යන ලදී.

ජනපතිවරයා නැවත දිවයිනට පැමි‍ණෙන තෙක් වැඩබලන ආරක්ෂක ඇමති ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බ‍ණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

වෙස්ට්මිනිස්ටර් ඇබේ හි කැන්ටබරි අගරදගුරුතුමා විසින් පවත්වනු ලබන මෙම අවස්ථාව සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මධ්‍යම ලන්ඩනයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ සිටින පුද්ගලයින් සඳහා, සෙනසුරාදා උත්සවය BBC One, BBC Two, BBC Radio 4, BBC Radio 5 Live, BBC Radio 3, BBC World Service සහ BBC Sounds, ITV සහ Sky News ඔස්සේ
රාජාභිෂේකය විකාශය කෙරෙන අතර විශාල තිර ගණනාවක් උද්‍යානවල සහ වෙනත් පොදු ස්ථානවල සවිකර රාජාභිෂේකය පෙන්වීමට කටයුතු කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *