කුරුණෑගල, මුත්තෙට්ටුගල පවත්වාගෙන ගිය නවාතැන් පොලක් (ගෙස්ට් හවුස්) වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් එහි සිට සිදුකෙරුනු නීති විරෝධී කටයුතු කිහිපයක් හෙළිකර ගැනීමට හැකිවී ඇත.

මෙම ස්ථානය ගෙස්ට් හවුස් එකක් ලෙසට පවත්වාගෙන ගියද එහි ප්‍රධානතම ව්‍යාපාරය වී ඇත්තේ ලිංගික කටයුතු සදහා කාන්තාවන් මුදලට ලබා දීමයි. එයට අමතරව ගංජා, අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග අලෙවි කිරීමද මෙහි සිදුව ඇති බව පොලීසියට හෙලිවී ඇත.

වැටලීමේදී වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණියන් 06 දෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු පොලිස් බාරයට ගැනුනු අතර එහි හිමිකරු වූ විශ්‍රාමික පොලිස් නිලධාරියාද අත් අඩංගුවට ගන්නා ලදී.

අත් අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී ගංජා, අයිස් සහ මත්කුඩු සොයා ගැනීමට ද පොලීසියට හැකිව තිබේ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හර්ෂ සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකල අතර අත් අඩංගුවට ගත් පිරිස නඩු භාණ්ඩ සමග අධිකරණය ට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *