කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදුකර එහි පැවති විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද එක් විය.

අනතුරුව ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු විදුලි අලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කිරීම සිදුකරන ලදී.

දකුණු ආසියානු තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල දායකත්වය සහිතව ඉදි කෙරුණු මෙම වෙසක් කලාපයේ බෞද්ධ උරුමයන් නිරූපණය වන අයුරින් එම රටවල් විසින් ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබිණ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *