Post Views: 265 ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021-2030 එළි දැක්වීම ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරුනි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, පෝෂණය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කටයුතු කර ඇති රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද සිටින බව සිහිපත් කළ අතර මේ සඳහා සහාය දැක්වූ සියලු පාර්ශව වලට ස්තූතිය පළ කරන ලදී.ජාතික පෝෂණ ප්‍රතිපත්තිය මූලිකත්වය දිය යුතු ප්‍රධානතම මාතෘකා හයක් හඳුනාගෙන සකස් කර ඇති බවත් හෙතෙම සඳහන් කරන ලදී. මෙහිදී සහභාගීවූ සැමට ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ මුද්‍රිත පිටපත බැගින් ලබා දීමද මෙහිදී සිදු කෙරුනි. Post navigation එයාර්ටෙල් (Bharti Airtel Lanka) ඩයලොග් (Dialog Axiata) සමග එක්වෙයි. ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ