Post Views: 300 Bharti Airtel Lanka (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඩයලොග් (Dialog Axiata PLC) හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා දන්වා ඇත්තේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී. Post navigation ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් වැඩසටහන හෙට සිට. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021-2030 එළිදැක්වෙයි.