බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී හෙට (03) සහ අනිද්දා(04) රාත්‍රී 7.00 ට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර හෙට දින එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතය.

මැයි 05 වනදා සාමණේර ස්වාමින් වහන්සේලා හතළිස් නමක් සහ පාසල් දරුවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ දී සිදු කෙරේ.
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් පැවැත්වෙන මහා බත් දන්සැල එදින රාත්‍රී 7.00 ට ෂැංග්‍රිලා හරිත භූමියේ දී විවෘත කෙරෙන අතර එය මැයි 05 සහ 06 යන දෙදින ද පැවැත් වේ.

ඊට සමගාමීව තොරණ විදුලි ආලෝකය දැල්වීම සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද හමුදා භක්ති ගීත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී මැයි 05 සහ 06 යන දෙදින පැවැත් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *