Post Views: 266 මෙවර කොළඹ ආශ්‍රිතව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම් පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම සැමරුම මහනුවර දී පවත්වනු ලබනවා. සමාජවාදී ජනතා පෙරමුණ, උත්තර ලංකා පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද කොළඹ දී මැයි දිනය සමරන අතර නිදහස ජනතා සභාව මැයි දින සැමරුම පවත්වනු ලබන්නේ මහනුවරදී ය. එක්සත් ජාතික පක්ෂය ‘2048 ජයගමු’ තේමාව යටතේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ තේමාවෙනුත්, ජනතා විමුක්ති පෙරමුණ ‘රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදා ජනතාවාදී පාලනයක් ගොඩනඟමු’ යන තේමාවෙනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘නිවහල් වෙමු සවිමත් වෙමු’ තේමාවෙනුත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘අයි.එම්.එෆ්. මර උගුලට, ඉන්දියන් අමෙරිකා යටත් විජිතකරණයට එරෙහිව වැඩ කරන ජනතා බලයක්’ යන තේමාව යටතේත් තම මැයි රැලි සංවිධානය කර ඇත. මෙයට අමතරව,ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මැයි රැලිය ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ ශාලාවේ දී පෙරවරු 9.30 ට පැවැත්වූ අතර,ලංකා බැංකු සේවක සංගමය සමඟ එක්වන නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති 35 ක් එක්ව පවත්වනු ලබන ‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු – ජනපීඩනය හා මර්දනය පරදවමු’ මැයෙන් පවත්වන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී සවස 3.00 ට පැවැත්වේ.ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂය සංවිධානය කරන මැයි රැලියක් සවස 2.00 ට යාපනය නගර මැද පවත්වන අතර,ලංකා පොදු වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය (සි.එම්.යු.) සංවිධානය කරන මැයි රැලිය පෙරවරු 9.30 ට කොල්ලුපිටිය බාලා තම්පෝ පටුමඟේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීය.මේ අතර නිදහස ජනතා සභාව ‘නිදහස රටටමැයි’ තේමාව ඔස්සේ පවත්වන මැයි රැලිය මහනුවර සහශ්‍ර උයනේදී සවස 3.00 ට පවත්වන අතර,ලංකා ජාතික වතුකම්කරු සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සූරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාජික සමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දහවල් 1.00 ට බදුල්ල නගරයේ රැස්වීමක් පවත්වනු ලබයි.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැලිය කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේ දී සවස 2.00 ට එම පක්ෂ නායක රුක්ෂාන් මාලින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. කෙසේ වෙතත්, රට පුරාම දේශපාලන පක්ෂ තම මැයි සැමරුම සිදු කලද සැබෑ කම්කරුවා අද දිනත් සිය ජීවන අරගලය වෙනුවෙන් කාලයත් සමග සටන් වදිමින් දහඩිය වගුරුවන බව නම් සැබෑය. Post navigation සුරා සැල් වසා දැමීමට රජයෙන් තීරණය කරයි. බලපත්ර තිබ්බත් මේ නිතිය ක්රියාත්මක කරනවා ඇමති කියයි. සජබ ට එරෙහිව ඩයනා ගොනුකල පෙත්සම විභාගයට දිනදෙයි.