දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවිහල් මේ මස 05, 06 සහ 07 යන තෙදින වසා දැමීමට නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වෙසක් සතිය හේතුකරගෙන මෙම පියවර ගෙන ඇති අතර එම තෙදින තුල කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙකු මත්පැන් අලෙවිකිරීමක යෙදුනහොත් නීතී මගින් කටයුතු කරන බවත් මේ සම්බන්ධව පරීක්ෂාකිරීම සදහා එම දිනවල දී සුරාබදු නිළධාරීන් රට පුරාම රාජකාරීයේ යෙදවීමට කටයුතු කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කලේ, වෙසක් පොහොය නිමිත්තෙන් සෑම වසරකම සුරාසැල් වසා දැමීම සිදු කලද විවිධ ජාවාරම් කරුවන් මෙන්ම බලපත්‍ර හිමි ඉතාම සුළු පිරිසක් එම දිනවලත් මත්පැන් අලෙවි කිරීම වංචනිකව සිදු කරන බවයි.

එසේ වුවත් මෙවර මෙම නීතීය ඉතා තදින්ම ක්‍රියාවට නංවන බවත් නීතී කඩකොට මත්පැන් අලෙවි කලහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *