Post Views: 272 පුස්සැල්ලාව ප්‍රදේශයේ පන්සලක වැඩහිදිමින් ශාසනික අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සාමණේර හිමි නමක් එම විහාරස්ථානයේ තවත් ශිෂ්‍ය හිමිවරුන් කිහිපදෙනෙකුගේ අමානුෂික වද හිංසා වලට ලක්ව පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත. බුද්ධ පූජාවේදී හා පාඩම් දීමේදී ගාථා වැරද්දුවා යැයි පවසමින් මෙසේ පහර දී ඇති බව වාර්තා වන අතර හිංසනයට ලක්වූ සාමනේර හිමිනමගේ පියා සදහන් කරන්නේ, තම දරුවා මෙම විහාරස්ථානයේ මහනකරවා තවම මාස 2 ක් වත් නොමැති අතර එම විහාරස්ථානයේම අධ්‍යාපනය ලබන තවත් ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් විසින් ගාථා පාඩම් නැති බව සදහන් කරමින් කොසුමිටවල් වලින් පහරදී කතුරු වලින් තුවාල කර බරපතල ලෙස හිංසනයට ලක්කර ඇති බවයි. මේ සම්බන්ධව දැනගත් විට පසුගිය 20 වන දා තමන් සාමණේර හිමිනම ගම්පොළ රෝහලට ඇතුළත් කල බවත් අනතුරුව ගම්පොල රෝහලින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර මේ වනවිටත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සාමනේර හිමිනමගේ පියා වැඩි දුරටත් පැවසීය. තමන් මේ සම්බන්ධව පුස්සැල්ලාව පොලීසියට පැමිණිලි කර ඇති බවත් විහාරාධිපති හිමියන් මෙය සමත කර ගැනීමට බලපෑම් කරන බවත් මේ සදහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර තම දරුවාට සිදුව ඇති හිංසනයට සාධාරණය ඉටුකර දෙන ලෙසත් හිමිනමගේ පියා ඉල්ලා සිටී. පහරදීමේ චෝදනාවට ලක්වී ඇති සාමනේර හිමිවරු පොලිස් අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව බාලවයස් කරුවන් නිසා නිවාස අඩස්සියේ තබා ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. Post navigation “IMF ගියාට වරදක් නෑ මම පාර්ලිමේන්තු ආවා නම් පක්ෂව ඡන්දය දෙනවා” හිටපු ජනපති මෛත්‍රී කියයි සුරා සැල් වසා දැමීමට රජයෙන් තීරණය කරයි. බලපත්‍ර තිබ්බත් මේ නිතිය ක්‍රියාත්මක කරනවා ඇමති කියයි.