වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත් මීට වසර 45 කට පෙර රොනීද මැල් මුදල් ඇමතිවරයාගේ කාලයේදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

නමුත් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා මුදල් වංචාවෙන්, දූෂණයෙන් තොරව ආයෝජනය කළ යුතු බවත් පසුගිය කාලය පුරා සිදුවී ඇත්තේ මෙලෙස ලබා ගන්නා විදේශ ණය, ප්‍රදාන සහ දේශීය ණය මුදල් පවුල්වාදය තුළ සොරකම් කිරීම බවත් එනිසා අද ඇතිවී තිබෙන දුගීභාවය ඇතුළු ප්‍රශ්න රාශීයක් පැන නැගීමට එය හේතුවී ඇති බවත් හිටපු ජනපති අවධාරණය කළේය.

පුද්ගලික කාරණා කිහිපයක් නිසා තමාට මේ දිනවල පොළොන්නරුවේ ගත කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ බවත් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති සඳහන් කළේය.

පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෛත්‍රීපාල මහතා මේ බව සදහන් කලේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *