Post Views: 284 වසරේ අති දැවැන්තම මෝටර්රථ හා යතුරුපැදි ප්‍රදර්ශනය “??? ????? ???? 2023” අද (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී ආරම්භ විය. ඔබ මෙතෙක් නොදුටු යතුරු පැදි සංදර්ශන මෙන්ම මෝටර්රථ කාර්මික වෙළද කුටි රාශියක් ප්‍රථම වරට එකම තැනකදී දැකබලා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස හැදින්විය හැකි මෙම මෝටර් රථ ප්‍රදර්ශනය අද සිට දින තුනක් (28,29,30) පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 දක්වා නරඹන්නන් වෙනුවෙන් විවෘතව ඇත. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියල්ලන්ටම මෙම ප්‍රදර්ශනය නරඹන අතරතුරදී මුදලින් රුපියල් මිලියනයක් දිනාගැනීමේ තරගයට ඇතුල්වීමේ වාසනාවද ලැබෙන අතර ජයග්‍රහනය කරනු ලබන වාසනාවන්තයාට හෝ වාසනාවන්තියට මිලියනයේ ත්‍යාගයට හිමිකම් කිව හැක. Post navigation ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ විශේෂ රථ ජනාධිපතිගේ නිරීක්ෂණයට. පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනෙකුට ජනාධිපති පරිසර සම්මාන